පවිත්‍ර පරිසරයකට

2025 ජනවාරි මස 26 පෙ.ව. 11:48 - {{hitsCtrl.values.hits}}  

    පරිසරය යනු අප අවට වටපිටාවයි. එයට ගස්වැල්, ගොඩනැගිලි, මිනිසුන්, වනාන්තර වැනි බොහෝ දෑ අයත් වේ. ඒ අතින් ගස්වැල් අපට බොහෝ ප්‍රයෝජනවත් වේ. සෙවණ ලබාගැනීම දැව ලබා ගැනීම, සත්ත්ව වාසස්ථාන සැදීම හා පිරිසුදු වාතය ලබා ගැනීම ඉන් අත්වන ප්‍රයෝජන කිහිපයකි.
    ගස්වැල් කපා විනාශ කිරීම මෙන් ම පරිසරයට ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක් කිරීම නිසා පරිසරය දූෂණය වෙයි. මෙම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය පරිසරයට ඉතා අතිකකරවේ. අනාගතයේ මිනිසුන්ට මෙම ඉලෙක්ට්‍රොනික  අපද්‍රව්‍ය නිසා විවිධ රෝගවලට මුහුණ දීමට සිදුවනු ඇත. පිළිකා, ප්‍රජනක පද්ධතියේ අක්‍රමිකතා, ස්නායු පද්ධතියේ අක්‍රමිකතා වැනි රෝග ඊට නිදසුන් වේ. මේවායින් සිදුවන අහිකතර තත්ත්වය පාලනයට නම් එම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් කිරීම සිදු කළ යුතු ය. නැතිනම් භාවිතය අවම කළ යුතු ය. වසරකට ටොන් මිලියන 40කට අධික  ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරේ.
    පරිසරය පවිත්‍රව තබාගැනීමට නම් පොලිතීන්, ප්ලාස්ටික් වැනි දිරාපත් නොවන අපද්‍රව්‍ය ද අවම කළ යුතු ය. පොලිතීන් පිලිස්සීමෙන් වැළකිය යුතු ය. තම නිවසේ එකතු වන කුණු අපද්‍රව්‍ය තැන තැන දැමීම නුසුදුසු ය. මේවා සිතට ගෙන අපි පරිසරය මනාව රුකගැනීමට ඉදිරිපත් වෙමු.

ලශිනි ශදිරා
7 ශ්‍රේණිය,
ගා/නාගොඩ රාජකීය ජාතික පාසල.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...