පාසලක නායකත්වය

2025 ජනවාරි මස 25 පෙ.ව. 04:34 - {{hitsCtrl.values.hits}}  

හොඳ නායකයකු යනු වගකීම් රාශියක් දරන පුද්ගලයෙකි. නායකයකු සතුව හැදියාව, නිහතමානිකම, ගුණගරැක වීම, ආඩම්බර නොවීම, උඩඟු නොවීම, අන් අයට උදව් කිරීම, ක්‍රියාශීලී වීම වැනි ගුණාංග තිබිය යුතු ය. බොහෝ ස්ථානවලදී නායකත්වය යන ලක්ෂණය අපට දැකගත හැකි ය. පාසලකදී පන්සලකදී නිවසේදී මෙය දැකිය හැකිය. පාසලක නායකත්වය දරනුයේ විදුහල්පතිතුමා විසිනි. ඔහු පාසලේ ශිෂ්‍යයන්ගේ වැරදි අඩුපාඩු කියා දී ඔවුන් යහමගට ගනී. විදුහල්පතිතුමාට අමතරව ගුරැවරැන් ශිෂ්‍ය නායකයෝ පන්ති නායකයෝ පාසලේ නායකත්වය දරති.
 ගුරැවරැන් විසින් ශිෂ්‍යයන් නරක මාර්ගවලින් ඈත්කොට යහපත් මාර්ග සඳහා නැණැස පාදා දී ඔවුන්ට නිවැරුදි  දේ කියාදෙයි.  ශිෂ්‍ය නායකයන් පාසලේ ශිෂ්‍යයන්ගේ අඩුපාඩු සොයා බලා ඒවා නිවැරදි කරගැනීමට උපදෙස් ලබාදෙයි.ඔවුන් අනෙක් ශිෂ්‍යයන්ට ආදර්ශයක් වන අයුරින් කටයුතු කළ යුතු ය. 

වෙනීෂා මල්ෂානි
12 ශ්‍රේණිය,
මාර/තලල්ල උතුර ධර්මවිජය මහා විද්‍යාලය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...