2024 නොවැම්බර් මස 21 ප.ව. 07:11 - {{hitsCtrl.values.hits}}
මේ නිවාඩු කාලයේ මම රිජිෆෝම් කැබැල්ලකින් සෙල්ලම් බෝට්ටුවක් සැදුවෙමි. බෝට්ටුව ලස්සන කළේ දිලිසෙන කඩදාසි සහ විදුලි බුබුළුවලිනි. බෝට්ටුව උඩ රතුපාට මිනිසෙක් ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය ඔසොවාගෙන සිටියි. මම බෝට්ටුවට බැටරි දමා රතු, කොළ, කහ විදුලි බුබුළු පත්තු කළෙමි. මාළු බැලීමට බෝට්ටු පතුලේ සිදුරක සෙලෝටේප් ඇලෙව්වෙමි. මට බෝට්ටුව සැදීමට තාත්තාත්, අම්මාත්, මල්ලීත් උදවු කළෝ ය. මම මල්ලී සහ අහල පහළ යහළුවන් සමග වත්තපහළ ඇළේ බෝට්ටුව පා කර සතුටු වුණෙමු. මම ලොකු වුණා ම ලෝකයේ විශාලතම බෝට්ටුව සාදා මුහුදේ පැදවීමට ආසයි.
දොවිඳු චන්තුල ජයසිංහ
4 ශ්‍රේණිය,
මාර/දෙයියන්දර ප්‍රාථමික විද්‍යාලය,
දෙයියන්දර.
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |