පැන්සලක් කතා කරයි

2025 අප්‍රේල් මස 10 පෙ.ව. 01:02 - {{hitsCtrl.values.hits}}  

මම ඉපදුණේ කර්මාන්ත ශාලාවක ය. මා සකසා ඇත්තේ ලීවලින් හා මිනිරන්වලින් ය. බොහෝ දෙනෙක් මා ප්‍රයෝජනයට ගනිති. වැඩිපුරම මා ප්‍රයෝජනයට ගනු ලබන්නේ කුඩා ළමුන්  හා චිත්‍ර ශිල්පීන් ය. කුඩා ළමයි මා තදින් අල්ලාගෙන පොතේ එහා මෙහාට යවමින් ඉතාමත් අලංකාර රෑප අඳිති.
පාඩම් වැඩක් අතපසු වී ගුරැතුමිය බැන්නවිට ඔවුහු මාගේ හිස තදින් අල්ලාගෙන හපති. මගේ ශරීරයේ ඇති මිනිරන් කොටස ඉවත් වන වාරයක් පාසා මා කටරයක් තුළට දමා උල් කරනු ලබයි. ටික කලක් පාවිච්චි කර මා විසි කර දමයි. මෙතෙක් ඔබ සමග කතා කළ මම පැන්සලක් වෙමි.

පූර්ණි හංසිකා චන්ද්‍රසේකර
9 ශ්‍රේණිය,
නිවන්තකචේතිය මහා විද්‍යාලය,
අනුරාධපුරය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...