2025 අප්‍රේල් මස 19 ප.ව. 01:46 - {{hitsCtrl.values.hits}}
වතුර කඳක් පුරවාගෙන පාරවල් කොනක සිට නිදි නොලබා කාලය ගෙවන්නෙමි. දිනය පුරාම අන් අයට උදවු දෙමින් සිටින මාගේ මුළු දිවිය ම අනුන් වෙනුවෙන් තැනී ඇත. මා හට උපත ලබා දෙන්නන්ගේ නෑ හිතමිතුරන්ට ඇතැම්විට මා නැතිව බැරි ය. මා සතු එකම වස්තුව මුදලක් නොලබාම පරිත්‍යාග කිරීම නිසා මාගේ වාසගම ‘පින්^ නම් වන්නේ ය. මා අතීතයේ බොහෝ සෙයින් ගෞරවයට පාත්‍ර වූ අයෙකු වීම සතුටට කරැණකි. අද වින විට මාගේ පරම්පරාව ම අවසන් වී තිබීම දුකකි. අලුත් පරම්පරාවේ තාක්ෂණික නෑදෑයන් මාගේ තැන ආක්‍රමණය කර හමාර ය. එහෙත් මාගේ වතගොත දන්නා පිරිසක් තවමත් ගම් තුළ හුස්ම හෙළමින් ජීවත් වෙති. මෙතරම් වතගොත කියූ අතීත කතාවේ එක් සමයක ගැමියන්ගේ පිපාසය සන්සිඳවූ මම පින් තාලිය වෙමි.
භාග්‍යා නෙත්මිණි
12 ශ්‍රේණාය,
ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මධ්‍ය මහා විද්‍යාලය,
යටියන්තොට.
![]() |
diary Read more... |