පියකරු උදෑසන

2025 ජනවාරි මස 25 පෙ.ව. 04:47 - {{hitsCtrl.values.hits}}  

    කුරැල්ලනගේ කිචි බිචි නාදයෙන් අවදි වූ මම ජනේලය දෙසට නෙත් ‍යොමු කළෙමි. ඉන් අනතුරැව මම කුරැල්ලන්ගේ ගායනාවලට වශී වූවාක් මෙන් සිටියෙමි. මහා මුහුද තරම් වූ නිල් අහසේ කුරැල්ලෝ රූන මෙන් පියඹා ගියහ. උදෑසන පුරා තැන තැන ඇති මීදුම් සළු  වේදිකාවක සුදු පැහැති කඩතිරයක් මෙන් මාගේ නෙත් ඇදගනියි. උදෑසන කුඩා ළමයි සුදු කොක්කු රූනක් මෙන් පාසල් කරා යති. හිරැ කුමරා ටිකෙන් ටික පායමින් මුළු පරිසරයම දිප්තිමත් කළේ ය. මම බෙහෙවින් පියකරැ උදෑසනක අසිරිය වින්දෙමි. 

නේලි නෙවත්මා
7 ශ්‍රේණිය,
බප/වේල්ස් කුමරි විද්‍යාලය,
මොරටුව.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...