2025 අප්‍රේල් මස 04 පෙ.ව. 03:00 - {{hitsCtrl.values.hits}}
දිනක් මා සිටියා ලොකු ගල්වල හැපි හැපී යන පුංචි දිය පහරක් ළඟ. එතැන හරිම නිහඬයි. මට හිතුණා මොහොතකට මාගේ තාත්තා මේ පුංචි දිය පහර වාගේ කියලා. මට ජීවිතය දුන්න මගේ තාත්තා පුංචි දිය පාරක් වාගේ කියලා කියන්නට එක හේතුවක් වන්නේ මේ දිය පාර ජීවය පිරැණු ලස්සන තැනක් වීමයි.ජීවය පිරැණු එක දෙයක් නම් තාත්තාගේ හිතයි. දිය පාර මග දිගේ ලොකු ගල්වල හැපී හැපී යනවා. එත් වතුර පාර දිගට ම ගලාගෙන යනවා. තාත්තාත්මොන ප්‍රශ්න ආවත් නවතින්නේ නෑ, කරදර එක්කම ඉස්සරහට යනවා. දිය පාරෙන් කීදෙනෙක් ජීවත් වෙනවාද? ප්‍රයෝජන ගන්නවා ද? ඒත් දිය පාර හිඳුණොත්? ඒකේ ඉන්න මාළු මැරෙයි. ලොකු සතුන්ගේ ආහාරයක් වෙයි. ඒ වගේ තමයි තාත්තාගේ ආදරය, සෙනෙහස නැතිවුණ ළමයින්ට, පවුලකට වෙන්නේ.
ගඟ ගල්පරවල හැපෙමින් යන්නේ හරියට වේදනාවෙන් වගෙයි. ඒත් තාත්තා එයාට ලැබෙන වේදනා, රිදීම් ඉවසනවා මිසක් අඬන්නේ නෑ. මේ ලෝකේ මගේ තාත්තා වගේ ඉන්නවා නම් ඒ තාත්තා විතරයි.
කෙත්මි කවීෂා
9 වැනි ශ්‍රේණිය,
කු/ වැල්ලව මධ්‍ය මහා විද්‍යාලය,
කුරැණෑගල.
![]() |
diary Read more... |