පුංචි ගැහැනු ළමයා

2025 අප්‍රේල් මස 02 පෙ.ව. 07:15 - {{hitsCtrl.values.hits}}  

ඔන්න එකමත් එක ගමක හිටියා දුප්පත් පවුලක්. එහි පුංචි ගැහැනු ළමයෙක් ද සිටියා. ඇයගේ නම ලොසෙන්දරා  ය. ලොසෙන්දරා හරි ම ලස්සන යි. ඒකනිසා ම වෙනත් ගැහැනු ළමයින් එයාට ඊර්ෂ්‍යා කළා. ටික දවසක් ගත වුණා. මැලේරියා රෝගය ගමේ වසංගතයක් මෙන් පැතිර ගියා. මේ මැලේරියා රෝගය ලොසෙන්දරාට ද බෝවුණා. අම්මායි තාත්තායි ඇයව රෝහලට ගෙන ගියා. 
ලොසෙන්දරාව ඉක්මනට දැඩි සත්කාර ඒකකයට ගෙන ගියා. ඇගේ ඇඟේ ලේ එන්න එන්න ම අඩු වුණා.  අම්මයි තාත්තයි හොඳට ම බය වුණා. ලොසෙන්දරාට හුඟාක් අමාරැ නිසා එයාව නගරයේ රෝහලකට ගෙන යන්න සිදුවුණා. ඒකට අම්මායි තාත්තායි ගමේ අයට ණය වුණා. ඒ වුණාට ලොසෙන්දරාට සනීප වුණා. 
ලොසෙන්දරා ශිෂ්‍යත්ව විභාගයෙන් හොඳට ම සමත් වුණා. එයා හොඳින් ඉගෙන ගෙන උසස්  පෙළත් හොඳට ම සමත් වෙලා සත්ත්ව විද්‍යාඥවරියක් වුණා. ඊට පස්සේ ණය සේරම ගෙවලා දැම්මා. අම්මාත් තාත්තාත් එක්ක සතුටින් ජීවත් වුණා.

නිපුණි අනුත්තරා
6 ශ්‍රේණිය,
ධර්මපාල විද්‍යාලය, පන්නිපිටිය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...