2025 ජනවාරි මස 29 පෙ.ව. 11:37 - {{hitsCtrl.values.hits}}
නිල් ග්‍රහයා යනුවෙන් හඳුන්වන්නේ අප ජීවත් වන පෘථිවි ගෝලය ය. පෘථිවිය ගෝලාකාර හැඩයක් ගන්නා වස්තුවකි. එහෙත් එය ගණිතමය ගෝලයක් නොවේ. එයට හේතුව වන්නේ සමක විෂ්කම්භය ධ්‍රැවක විෂ්කම්භයට වඩා විශාල වීමයි. මෙම පෘථිවිය සෑදි ඇත්තේ දැවැන්ත දූවිලි වලාවකිනි. මෙය ඉතාමත් උණුසුම් වී තිබී ඇත. පසුව මෙය ක්‍රමයෙන් සිසිල් විය. ඉන්පසු ජලය,ශාක, ජීවීන් ඇති විය. පෘථිවියේ ජීවය ඇති වීමට හිතකර සාධක කිහිපයක් ඇත. ඒ පිරිසුදු වාතය, ශාක, පස, ජලය, දේශගුණික බලපෑම් හා මධ්‍යස්ථ පිහිටීම වේ. පරිවර්ති ගෝලය, ස්ථර ගෝලය, මධ්‍ය ගෝලය, තාප ගෝලය හා බහිර් ගෝලය නමැති වායු ස්තර නිසා හිරැගෙන් හා වායු ගෝලයෙන් එල්ලවෙන අනතුරැවලින් පෘථිවිය සුරුකේ.
මෙතුලි නෙලිත්මා
7 ශ්‍රේණිය,
ආනන්ද බාලිකා විද්‍යාලය, කෝට්ටේ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |