පොඩ්ඩාගේ කතාව

2024 දෙසැම්බර් මස 23 ප.ව. 09:06 - {{hitsCtrl.values.hits}}  

 කුඹුරැ යායකින් වට වී ඇති ගමේ පාසලේ පොඩ්ඩානම් දක්ෂ ළමයෙක් ඉගෙනුම ලැබුවා. පොඩ්ඩා චිත්‍ර අඳින්න වගේම විද්‍යාව විෂයයටත් ගොඩාක් කැමතියි. දිනක් ගුරැවරැන් අතර අලුත් මුහුණක් පොඩ්ඩාට දකින්න ලැබුණා. ඒ තමයි පාසලට පැමිණි අලුත් චිත්‍ර සර්.  අලුත් චිත්‍ර සර් එදින ඉගැන්වුවේ ගල් විහාරය ගැනයි. පොඩ්ඩා ඉතා ඕනෑකමින් චිත්‍ර විෂය හදාරා තරගවලට ඉදිරිපත්ව ජයග්‍රහණ ලැබුවා. ඒත් පොඩ්ඩාට වුවමනා වුණේ වෛද්‍යවරයකු වීමටයි. 
 පොඩ්ඩා හොඳින් ඉගෙන ගත්තා. චිත්‍ර සර් ගොඩාක්  උදව් කළා. පොඩ්ඩා සාමාන්‍ය පෙළ ඉහළින් සමත් වී වෙනත් පාසලකට ගොස් උසස්පෙළ විද්‍යා විෂයයන් හැදෑරැවා. සිතුවා වගේම පොඩ්ඩා වෛද්‍යවරයකු වුණා. මුලින්ම පොඩ්ඩා කළේ තමන්ට උදව් කළ චිත්‍ර ගුරැතුමා බලන්නට යාමයි. එදා චිත්‍ර සර් කොතරම් සතුටුවුණා ද කිව්වොත් පොඩ්ඩාව බදාගෙන ඇඬුවා.

හසනි අතපත්තු
11 ශ්‍රේණිය,
බ/රාජකීය විද්‍යාලය,
කුමාරපට්ටිය, 
අඹගස්දෝව.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...