2025 අප්‍රේල් මස 18 පෙ.ව. 06:12 - {{hitsCtrl.values.hits}}
කියවීම මිනිසා සම්පූර්ණ කරයි යන වදන එක්වරම අපට සිහිපත් වූයේ පොත්පත් කියවීම තුළිනි. කියවීමට ඇති දේ බොහෝ ය.පන්තියේ නියමිත පොත්වලට අමතර ව අතිරේක සඟරා, පුවත්පත් ආදිය කියවීමෙන් ද නොයෙක් කරැණු ඉගෙන ගත හැකි ය. වර්තමාන සමාජයට රටතොට පිළිබඳ තොරතුරැ දැනගැනීම අත්‍යවශ්‍ය දෙයකි. කෙබඳු වයසක පසුවන්නකුට වුව ද කියවීම වැදගත් දෙයකි. කියවීම දැනුම වැඩිදියුණු කරයි. කියවීමෙන් ලැබෙන දැනුමින් කාලය අර්ථවත්ව ගත කිරීමට හැකිවේ උගතුන් බිහිවේ. මේ හැර කියවිම තුළින් විනෝදය හා රසවින්දනය ද ලබාගත හැකි ය.
ශරීර වර්ධනයට ව්‍යායාම අවශ්‍ය වන්නා සේ ම මොළය වර්ධනයට ද කියවීම අවශ්‍ය වේ. ළමා මනස වර්ධනය වන්නේ පොතපත ඇසුරිනි. වත්මන් ලොවෙහි පුස්තකාල රාශියක් ම පිහිටුවා ඇත. කියවීමෙන් මිනිසා සම්පූර්ණත්වයට පත්වන බවට ඇති කියමන ද සිත්හි තබාගෙන පුංචි අපිත් කියවීමට පුරැදු වෙමු. කියවීමෙන් අපේ දැනුම වර්ධන කරගමු. යහපත් ජීවිතයක් හැඩ ගස්වා ගැනීමට හේතුවන කරැණු පොත්පත්වලින් අපේ ජීවිතයට ද එකතු කර ගත හැකි ය. මේ හැම දෙයින්ම පැහැදිලි වන්නේ කියවීම හොඳ පුරැද්දක් බව ය . සෑම විවේකී අවස්ථාවල දී ම පොත්පත් කියවීමෙන් දැනුම දියුණු කර ගැනීමට අපි වෑයම් කරමු.
ලුහන්සා සංජලී රැද්‍රිගෝ
7 ශ්‍රේණිය,
බෞද්ධ කාන්තා විද්‍යාලය,
කොළඹ 7
![]() |
diary Read more... |