2025 අප්‍රේල් මස 19 ප.ව. 01:32 - {{hitsCtrl.values.hits}}
අප සමරන පූජනීය උත්සව අතර පොසොන් පුර පසළොස්වක පොහොය දිනයට වැදගත් තැනක් හිමිවේ. පොසොන් පොහොය දිනය අපට වැදගත් වන්නේ ශ්‍රී ලංකාද්වීපයට බුද්ධාගම ලැබුණු දිනය නිසායි. අපේ ආගමික, සංස්කෘතික, සමාජයීය හා අධ්‍යාපනික අංශ මෙන්ම අපේ ශිල්ප ශාස්ත්‍ර ආදී සකලවිධ අවශ්‍යතාවල පුනර්ජීවනයක් හා නව ප්‍රබෝධයක් ඇතිවූයේ මහින්දාගමනයත් සමගයි. දඹදිව අධිරාජයා වූ ධර්මාශෝක රජුගේ පුත් මහින්ද මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් උත්ථිය, ඉත්ථිය, සම්බල, භද්දසාල, සුමන සාමණේර හා භණ්ඩුක උපාසක යන පිරිස ලංකාද්වීපයේ මිහින්තලාවට පිවිස එවකට රජව සිටි දේවානම්පියතිස්ස රජු හා සිදුකළ අඹ පැනයේ සංවාදයෙන් පසුව දේශනා කළේ චුල්ලහත්ථි පදෝපම සූත්‍රයයි. තිස්ස නම් මේ ශක්තිමත්, බුද්ධිමත් තරැණයා සිරිලක රජ වනතෙක් ඉවසා සිටීමට එදා මිහිඳු හිමියෝ තීරණය කළහ. තිස්ස රජුට කලින් රජකළ මුටසීව රජු මහලු බැවින් තමන්ගේ මෙම බුද්ධ පණිවිඩය ව්‍යාප්ත කරලීමට නොසමත් වනු ඇතැයි සිතීම මිහිඳු හිමිගේ ලංකාගමනය පසු කිරීමට හේතුවූයේ යැයි සැලකේ. මහින්දාගමනය සිදුවන්නේ අහම්බෙන් නොව මනාව සැලසුම් කිරීමෙන් පසුව බව පවසන්නේ එනිසාය.
බෞද්ධයෝ මෙම පොහොය දින සිල් සමාදන් වීම, පිංකම්, පෙරහර පැවැත්වීම, දන්සල් ආදි ආමිස හා ප්‍රතිපත්ති පූජාවල නිරතවෙති. මිහින්තලා ගල් පර්වතයේ දී වූ සිද්ධිය මූර්තිමත් කොට නිර්මාණ තනති, පරිසරය වර්ණවත් වන අයුරින් විදුලි බුබුළුවලින් සැරසීම, බෞද්ධ කොඩිවැල්වලින් සැරසීම මෙදින දැකිය හැකි ය. ලංකාවේ පළමු ස්ථූපය වන ථූපාරාමය තනන්නේ දේවානම්පියතිස්ස රජතුමායි. ඒ මහින්දාගමනයෙන් ලැබුණු ශිල්පීය ඥානය ඔස්සේ දියුණු කරගත් තාක්ෂණයෙනි.
චමුදිත උමයංග
7 වැනි ශ්‍රේණිය,
මහාමාත්‍ය විද්‍යාලය, අතුරැගිරිය.
![]() |
diary Read more... |