බට්ටිචි ජෝඩුවක්

2025 ජනවාරි මස 25 පෙ.ව. 04:27 - {{hitsCtrl.values.hits}}  

හිරැ රුස් පැතිරෙන විටම ගහ කොළ අස්සෙන් ඉගිළීගෙන මතුවන අපේ පුංචි යාළුවෝ දෙන්නා තමයි, බට්ටිචි යුවළ. එයාලගේ දිලිසෙන පිහාටු දැක්කම මට මතක් වෙන්නේ මොනර පිහාටු. ඉගිල්ලෙන්නේ විදුලිය වගේ. ලස්සන පිපිච්ච පාට පාට මල්වල වහල පුංචි හො‍ෙටන් පැණිබොන කොට හරිම ලස්සනයි. අපේ වහලය ළඟ ගුවනෙ නැවතිලා මොනවාදෝ හොයනවා. මගේ තාත්තා නම් කියන්නේ ඔය එන්නේ මකුළුවෝ කන්න කියලයි. මකුළුවො කෑවත්, මල්පැණි බිව්වත් මම එයාලට හරිම කැමතියි. හැමදාම අපේ වත්තට එන්නම ඕනෑ. 

යෙහෙනි මෙත්දිනි පියරත්න
2 ශ්‍රේණිය,
කහන්ගොට කනිෂ්ඨ විදයාලය,
මාලබේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...