2024 දෙසැම්බර් මස 22 ප.ව. 05:44 - {{hitsCtrl.values.hits}}
දස මසක් කුස තුළ දරා ලේ කිරි කර පොවා ඇති දැඩි කරන්නේ අම්මා ය. සෙවණැල්ල මෙන් මා ළඟ සිටින්නේ ආදර අම්මා යි. කෙතෙක් කීව ද ඇගේ ගුණ නිම කළ නොහැකි ය.
මුළු නිවස ම ආලෝකවත් වන්නේ සුවඳවත් වන්නේ අම්මා නිසා ය. කුඩා කාලයේ සිට අම්මා විවිධ දුක් ගැහැට විඳිමින් මා පෝෂණය කළා ය. තාත්තා ගෙනැවිත් දෙන මුදල් නිසි පරිදි වියදම් කර අඩුපාඩු සකස් කරයි. ලෙඩක් දුකක් සෑදුණු විට අප ළඟ ම සිටින්නේ ආදර අම්මා ය.
අම්මා මහනෙල් මලකට උපමා කළ හැකි ය. මහනෙල් මල් පිවිතුරැ ය.සුවඳය. ලස්සන ය. මල් අතර ඒ මල දීප්තිමත්ව බැබළේ. මහනෙල් මල මෙන් අම්මා ද අප සැමට ජීවිතයේ සුවඳ ලබා දෙයි. තම දරැවන් වෙනුවෙන් අපමණ කැප කිරීමක් සිදු කරයි. ඇය මහලුවියට පත් වූ විට රුකබලා ගැනීම අපගේ යුතුකමකි. මගේ අම්මාට පණ මෙන් ආදරය කරමි.
හංසිනි උපේක්ෂා කරැණාතිලක
9 ශ්‍රේණිය,
ර/ කුරැවිට මධ්‍ය මහා විද්‍යාලය,
කුරැවිට.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |