මගේ ප්‍රියතම පොත

2025 ජනවාරි මස 24 ප.ව. 11:05 - {{hitsCtrl.values.hits}}  

මගේ ප්‍රියතම පොත වන්නේ මඩොල්දූව යි. එය ලියන ලද්දේ ප්‍රසිද්ධ ලේඛකයකු වූ මාර්ටින් වික්‍රමසිංහ මහතා ය. මඩොල්දූව වීර කතාවකි. එහි ප්‍රධාන චරිත වන්නේ උපාලි සහ ජිනපාලයි. ඔවුහු බොහෝ දඟ වැඩ කළ අතර පසුව ඒවාට දඬුවම් ලැබීය. ළමයි කණ්ඩායමේ නායකයා වූයේ උපාලි ය. ඒත් පසුව උපාලි දඟ වැඩ නැවැත්වීය. ඒ වෙනුවට කාට කාටත් උපකාර කළේ ය. එය අප සැමට ආදර්ශවත් වගේම අලංකාර කෘතියකි. මම එම පොතට ගොඩාක් කැමති වූයේ එනිසා ය.

සංජන කවිඳු උඩුපිටිය
6 ශ්‍රේණිය,
මලියදේව විද්‍යාලය, කුරැණෑගල.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...