මගේ පාසල

2025 ජනවාරි මස 24 ප.ව. 03:09 - {{hitsCtrl.values.hits}}  

සුන්දර රමණීය කඳු වළල්ලකින් අලංකාර වී ඇති මගේ පාසල වන්නේ මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලය යි. එය මහනුවර පුෂ්පදාන සමිතිය විසින් කන්ද උඩරට බාලිකාවන්ට ඉංග්‍රිසි අධ්‍යාපනය ලබා දීමේ අරමුණින් 1942 දී ශ්‍රී දළදා මාලිගාවට ඉදිරිපසින් ත්‍රිකුණාමල වීදියේ ගොඩනැගිල්ලක ආරම්භ කර ඇත. පසුව 1953 දී වර්තමානයේ පිහිටි ස්ථානයේ පිහිටුවා ඇත.
    වර්තමානයේ මගේ පාසලේ ශිෂ්‍යාවෝ 2200ක් පමණ ඉගෙනුම ලබති. 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන පාසලකි. මගේ පාසල් මාතාව  අපේ රටට බිහික ළ විද්වතුන්, කලාකරැවෝ, විවිධ වෘත්තිකයෝ බොහෝ ය. මගේ පාසලේ ශිෂ්‍යාවන් පිළිබඳ අධ්‍යාපන හැකියාවන් , විනය, ආචාර ධර්ම පිළිබඳව සමාජය කතා කරන විට මා හට ඇති වන්නේ මහත් ආඩම්බරයකි. 
පුෂ්පදාන මාතාව මගේ රටේ පමණක් නොව ලොව මුලුල්ලේම බැබලේවා යි යන්න මගේ ප්‍රාර්ථනාව යි.

පවනි දිව්‍යාංජලි
8 ශ්‍රේණිය,
මහ/පුෂ්පදාන බාලිකා විද්‍යාලය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...