මම නැවියෙක්මි

2025 ජනවාරි මස 24 පෙ.ව. 08:22 - {{hitsCtrl.values.hits}}  

ඉතා කටුක වූත් දුෂ්කර වූත් ගමන් මාර්ගයක් මට හිමිව ඇත. මම දියඹට නිරන්තරයෙන් යාත්‍රා කරමි. නිතර ම සැඩ පහරවලට දැඩි සුළංවලට මුහුණ දෙමි. අවු රශ්මියට ද තද වැසිවලට ද මම හුරැ වි ඇත්තෙමි. එකක් පසුපස එකක් ඇදී එන බාධා හමුවේ නොසැලී අපි දියඹ ඈතට ගමන් කරමු. ඈතින් ඈතට ගමන් කරමු. මට නාවිකයකු ලෙස නැවේ යම් යම් රාජකාරි යෙදී ඇති අතර ඒවා අකුරට ම ඉටු කිරීම මගේ ප්‍රධාන වගකීම යි. නිතර ම වෙනස් වන මුහුද විටක ශාන්තව ද විටක බිහිසුණුව ද පවතී. නැවෙහි සියලු දෙනා ද ක්‍රියාශීලීව කටයුතු කරති. එමගින් අපට හොඳින් යාත්‍රා කළ හැකි වේ. මුහුදු වෙරළට පැමිණ විනෝද වන පුද්ගලයන් මෙන් නොව අපි මුහුදේ සැබෑ තත්ත්වය අත්විඳ ඇත්තෙමු. ඉතා සෙමින් ගමන් කරන විට අප රැවල් නංවන්නේ එවිට අපට වේගයෙන් ගමන් කළ හැකි වන නිසා ය. එවිට මහ සුළඟක් පැමිණ රැවල දෙබෑවී යාම අපහට නිතර සිදුවන ඇබැද්දියකි. අප මුහුද පිළිබඳව අවධානයෙන් සිටීම නිසා මේ අනතුරැ අඩුකර ගත හැකි යි. අප නිතර බලාපොරොත්තු වන්නේ නොසිතූ විරෑ දේවල් ය. ජීවිතයට අවදානමක් ගෙන  කරන මේ රුකියාවෙන් මම තෘප්තිමත් වෙමි. එසේම මා මෙන් ම අනෙකුත් නාවිකයන් ද විටක කුහුලින් ද විටක සතුටින් ද විවිධ ක්‍රීඩාවන්හි නියැළෙමු.

චන්දුප රිශ්මාල් පෙරේරා
8 ශ්‍රේණිය,
පානදුර රාජකීය මහා විද්‍යාලය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...