2025 අප්‍රේල් මස 19 ප.ව. 07:36 - {{hitsCtrl.values.hits}}
මේ ලෝකයේ ජීවත් වන සියලු දෙනාම මවුකුසින් උපත ලද්දෝ ය. කුඩා කල සිට කැත කුණු අතගාමින් ආදරයෙන් සෙනෙහසින් අප හදා වඩා ගත්තේ මේ ලෝකයේ සිටින වටිනාම වස්තුව තම දරැවන් බව හද පතුලෙන් මවුපියන් විශ්වාස කරන බැවිනි. එලෙස තම ජීවිතයෙත් විවිධ අවස්ථා දෙවැනි කොට තම දරැවන් සමග කාලය ගත කරන්නේ මෙලොව රජකිරැළු පැලඳූ රජුන් රැජිනියන් ලෙස තම දරැවන් අබිසෙස් ලබනු ඇතැයි යන සුන්දර අදිටනෙනි. එලෙස අපේ ජීවිතයේ දී පැන නගින ගැටලු විසඳූ මාර්ගෝපදේශකයකු ලෙස ද තවත් විටෙක අපේ ජීවිතයේ සිටි සුපිරි ගණයේ වීරයන් වූ ඔවුන්ට යම් දිනක මහමඟ, වැඩිහිටි නිවාස උරැම වුවහොත් එය සාධාරණ ද? තමන්ගේ දෙනෙත්ලෙස දරැවන් රුකබලා ගත් මවුපියන් මහලු වූ පසු ඔවුන් දෙස නොබලානාතරම් කුරිරැ හදවතකින් යුතු දූ දරැවන් බිහිවීම බුදු දහමේ පහස ලද රටක අවාසනාවකි. මෙලෙස මව්පියන් රුක ගැනීම සමහර දරැවන්ට වදයක් වූයේ කෙසේ දැයි සිතා බැලිය යුතු ය. කාර්යබහුලත්වය, ආර්ථිකය ආදි කරුණු හේතු කරගනිමින් දරැවන් තම දෙමව්පියන් මහලු මඩමේ මහපාරේ හැරදමා යන්නේ හිතක්පපුවක් නොමැති යකඩ මිනිසුන් පරිද්දෙනි. මේ වන විට අප ජීවත් වන්නේ 21වන සියවසේ ය. අපි එදාට වඩා තාක්ෂණික රථවාහන , යන්ත්‍රසූත්‍රවලින් නවනිපැයුම් බිහි කරමින් දියුණු වුවද අපේ ආකල්ප නව නිපැයුම් නිර්මාණය හා වේගයෙන් දියුණු වන්නේ නම් මේ ලොව තවත් සුන්දර වනු ඇත. ඉතින් තාක්ෂණික අතින්ලබන දියුණුව මෙන් ජීවිතයේ ආදරය කරැණාව වැනි ජීවිතේ පළමු පාඩම සෙනෙහසින් කියා දුන්මෙලොවදෙවිවරැ බඳු දෙමව්පියන් සෙනෙහසින් රැක බලානිමු.
මල්කි රංගිකා රත්නසේකර
10 ශ්‍රේණිය,
රාහුල ජාතික පාසල, ගොඩකවෙල.
![]() |
diary Read more... |