2025 අප්‍රේල් මස 02 පෙ.ව. 07:10 - {{hitsCtrl.values.hits}}
ළමා අප අද ජීවත් වන්නේ මවුපියන් නමැති අත්තිවාරම මත ය. ඔවුහු අපට ඒ මත අධ්‍යාපනය නමැති ගොඩනැගිල්ල තනන්නට නිරන්තරයෙන් ගුරැහරැකම් ලබා දෙති. එය දැන් අපට අපහසු වුවත් එම ගොඩනැගිල්ලේ ජීවත් වීමේ සුවපහසුව ඔවුහු හොඳින් හඳුනති. එම නිසා ඔවුහු රුයක් දවාලක් නොබලා වෙහෙසී ක්‍රියා කරති. කෙදිනක හෝ එම අත්තිවාරම ශක්තිමත් නැතැයි සිතීම ඉතාමත් අනුවණ සිතිවිල්ලකි. අප දැන් තනන ගොඩනැගිල්ලේ ස්වභාවය අනුව අනාගතයේ අපට ජීවත් විය හැකි ය. සමහර විටෙක ඒ වන විට ඔවුන් අපෙන් වෙන් වී සිටියත් ඔවුන්ගේ සිතිවිලි ශක්තිමත් අත්තිවාරමක් සේ අප දරා සිටිනු ඇත.
සුනාලි සංකල්පනී
12 ශ්‍රේණිය,
ලොයෙලා විද්‍යාලය,
මීගමුව.
![]() |
diary Read more... |