මාපියන්ගේ අගය

2025 ජනවාරි මස 25 පෙ.ව. 04:50 - {{hitsCtrl.values.hits}}  

මාපියන් යනු අප මේ ලෝකයට බිහි කර රුක බලා ගනිමින් හොඳ අධ්‍යාපනයක්   හා යහගුණ දම් කියා දෙමින් පෝෂණය කරමින් ඇති දැඩි කළ දෙපළයි. අපගේ මූලික යුතුකම වන්නේ ඔවුන්ට කීකරැ වී හොඳින් අධ්‍යාපනය ලබමින් යහපත් පුරවැසියන් බවට පත්වීමයි. ඔවුන් අප රුකබලා ගන්නා සේ ම අපිද ඔවුන් රුකබලා ගත යුතු වෙමු. යුතුකම් ද ඉටු කළ යුතු වෙමු. එය අපේ පරම යුතුකමකි. බුදු දහමට අනුවත්, අන් ආගම්වලට අනුවත් මාපියන් ට සැලකීම හා යුතුකම් ඉටු කිරීම මහත් වූ ආනිසංස දෙන ක්‍රියාවකි. අද සමාජයේ බොහෝ වැඩිහිටි නිවාස බිහි වී තිබේ. වර්තමානයේ සිටින දරැවෝ මාපියන්ට නොසලකති. අපි මාපියන්ට ලෙඩක දී දුකක දී  උපකාර කරමු. එය අපගේ පරම යුතුකමකි.

මිනුනි මෙනාරා සිරිවර්ධන
7 ශ්‍රේණිය,
වේල්ස් කුමරි විද්‍යාලය, මොරටුව.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...