2025 ජනවාරි මස 24 ප.ව. 03:09 - {{hitsCtrl.values.hits}}
අම්මා හා තාත්තා අපට ආරක්ෂාව ආදරය පෝෂණය යනාදිය දායාද කරති. අයියා හා අක්කා අපව නිවැරුදි මග ඔස්සේ යවමින් ආදර්ශවත් ලෙස ක්‍රියා කරති. එවිට මල්ලි හා නංගි අපගේ ආදරය රුකවරණය දැනුම ලබමින් අපගේ ආදර්ශවත් ක්‍රියා ඔස්සේ නිවැරුදි මගකට එළැඹෙති. මව පියා සහෝදර සහෝදරියන්ගෙන් වෙන්ව පාසලට ගිය විට අපට උදවු කිරීමට මෙන්ම අපව පරාජය කිරීමිට බලා සිටින මිතුරෝ හමු වෙති. ඒ මිතුරන් අතරින් සැප පතා පැමිණෙන අනුන්ට කරදර කොට සතුට ලැබීමට බලා සිටින මිතුරා නරක මිතුරා ය. අපගේදුකේ දී මෙන් ම සැපේ දීත් ළඟින් සිටින අන් අයට උදවු කිරීමට බලාසිටින විශ්වාසවන්ත පරාර්ථකාමි මිතුරා හොඳ මිතුරා ය. මේ දෙපිරිසෙන් හොඳ මග තෝරාගෙන යන පිරිසට එක්වීමෙන් සාර්ථකත්වය දියුණුව ලබා ගත හැකි ය. එලෙසම අප ද සාර්ථකත්වයට දියුණුවට පත් වූ පසු අපගේ මවුපියන් සහෝදර සහෝදරියන් ඥාතීන් මෙන් ම හොඳ මිතුරන්ව ද අමතක නොකළ යුතු ය.
මානෙත් තිනුර
10 ශ්‍රේණිය,
බප/ජය/ ආදර්ශ පිරිමි විද්‍යාලය, මාලබේ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |