2025 ජනවාරි මස 24 පෙ.ව. 06:01 - {{hitsCtrl.values.hits}}
දුහුවිල්ලෙන් පිරැණු කර්කශ පරිසරයෙන් මිදීමට පළමු අදහස පැමිණියේ මගේ මල්ලීට ය. මල්ලීගේ බලවත් ඉල්ලීම පරිදි ඉරිදා සැඳෑව මුහුදු වෙරළේ ගත කිරීමට අපි තීරණය කළෙමු. මල්ලි මුහුදු වෙරළට පැමිණීමට පෙර සිතා සිටියේ මුහුදේ ස්නානය කිරීමට යි. එහෙත් අම්මා එයට බලවත් විරැද්ධත්වයක් දැක්වූ හෙයින් මුහුදේ ස්නානය කිරීමේ සිහිනය අතහැර දැමීමට ක්‍රියා කළෙමු.
මුහුදු වෙරළට පැමිණෙන විට පස්වරැ හතරයි තිහ පමණ විය.
අප මුහුදු වෙරළට පැමිණෙන අවස්ථාවේ ද බොහෝ පිරිසක් මුහුදු වෙරළේ රුඳී
සිටිය හ. සමහරැ සරැංගල් යවමින් සිටිති. තවත් අය ජල ක්‍රීඩා කරති. ස්වදේශිකයෝ මෙන් ම විදේශිකයෝ ද හිරැ බැස යන දර්ශනය නැරඹීමට අතපසු නොකළෝ ය.
මල්ලි මා සමග එක්ව වැලිබත් හා වැලි මාලිගා සැදීමට ක්‍රියා කළේ ය. අපි බෝට්ටුවේ සංචාරයක් ගියෙමු. එහෙත් දුකට කාරණයක් වන්නේ බෝට්ටු වැඩි වශයෙන් ගොස් කොරල්පර කැඩී ඇති බැවිනි. අප ආපසු ගෙදර යන අවස්ථාවේ දී මල්ලීගේ නෙත්වල කඳුළු තිබූ බව මාගේ නෙත ගැටුණි. එම සැඳෑව මට අමතක නොවනු ඇති බව මට නොඅනුමාන ය.
තිනෙර රවිශ්ක
9 ශ්‍රේණිය,
ගා/ ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |