ලොවට තර්ජනයක් වී ඇති අනතුරු

2025 ජනවාරි මස 24 ප.ව. 12:24 - {{hitsCtrl.values.hits}}  

   වර්තමානයේ රිය අනතුරැ බහුලව සිදු වේ. මෙම රිය අනතුරැවලට ප්‍රධාන ම හේතුව නොසැලකිලිමත් බව හා බීමත්ව රිය පැදවීමයි. පදිකයන් සුදු ඉර භාවිත නොකිරීම, පාරේ රංචු ගැසී ගමන් කිරීම, දුරකථනය භාවිත කරමින් පාරේ ගමන් කිරීම, මාර්ගය අබලන් තත්ත්වයේ තිබීම වැනි හේතූ ද රිය අනතුරැ සිදු වීමට බලපායි. 
රිය අනතුරැ පමණක් නොවේ විදුලිසැර වැදීම, ජලයේ ගිලීම, ආහාර විසවීම් ද අනතුරැ ලෙස දැක්විය හැකි ය. වර්තමානයේ බහුල වශයෙන් විදුලිසැර වැදී සිදුවන අනතුරැ දැකිය හැකි ය. කල් ඉකුත් වන දිනය නිවැරුදි දැයි බලා ආහාර සුදුසු නම් පමණක් මිලදී ගත යුතු ය. වෙළෙපොළේ කල් ඉකුත් වූ ආහාර තිබෙන්නට පුළුවන. මෙවැනි අවස්ථාවල සිතා බලා කටයුතු කර අනතුරැ අවම කර ගත යුතු ය.
 මාර්ගයේ වු දකල්පනාකාරීව ගමන් කරන්න. වැඩිහිටියන් නොමැතිව වතුරේ සෙල්ලම් නොකරන්න. විදුලිය සමග කල්පනාකාරීව කටයුතු කරන්න. මෙවැනි දේ ගැන සැලකිලිමත් වීමෙන් අනතුරැවලින් බේරී සිටීමට වගබලා ගනිමු.

සෙනුර නෙත්සර වැලිකල
8 ශ්‍රේණිය,
බප/පිළි/ මධ්‍ය මහා විද්‍යාලය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...