වට්ටක්කා ගෙඩියෙන් මතු වූ අපූරු රුව

2025 ජනවාරි මස 25 පෙ.ව. 04:30 - {{hitsCtrl.values.hits}}  

එකමත් එක ගමක ගම පවුලක් ජීවත් විය. ඒ ගම පවුලට එළවළුවලින් පිරැණු හේනක් තිබිණි. දවසක් ගමරාල ගම හාමිනේ සමග හේනට ගියේ ය. ගම හාමිනේ වට්ටක්කා වැල තියෙන පැත්තට ගියේ ය. එතකොට ගම හාමිනේ විශාල වට්ටක්කා ගෙඩියක් දැක්කා ය. ගම හාමිනේ  ඒ ගැන ගමරාලට පවසා වහාම වට්ටක්කා ගෙඩිය ගෙදරට ගෙන ගියා ය. එය දෙකට කැපූ පසු ඒ ගෙඩියෙන් දිලිසෙන රැවක් මතු විය. පුදුමයට පත් ගම හාමිනේ ඒ බව ගම රාලට පැවසුවේ ය. 
 එම රැව කතා කරන්නට විය. ඔබලා මා සිරවී සිටි තැනින් බේරා ගත් නිසා ඔබලාට කැමති වරයක් මගෙන් ඉල්ලන්නයි රැව පැවසුවේ ය. එවිටම ගම හාමිනේ මෙසේ කීවා ය. අපට ජීවත් වෙන්න ලස්සන ගෙයක් හා මුදල් ලබා දෙන්න. එවිට ම ඉල්ලූ සියලු දෑ ඔවුනට ලැබිණි.
ටික කාලයක් ගත කරන විට ගම යුවළ වරයක් ඉල්ලන්න මතු වූ රැව වෙත ගියහ. එවිට ද ඉල්ලූ දේ ලැබිණි. ටික කලක් ගත වන විට ගම යුවළගේ සිත තන්හාවෙන් පිරී ගොස් තිබිණ. ආපසු වරයක් ඉල්ලීමට සිතා ගම යුවළ මතු වූ රැව වෙත ගියහ. පෙර පරිදි වරය ඉල්ලා ආපසු ගෙදර පැමිණි විට දක්නට ලැබුණේ සුපුරැදු  පැල්පතයි.

අනුත්තරා සංජානි
9 ශ්‍රේණිය,
ර/නිවි/ කිරිබත්ගල විද්‍යාලය,
වටාපොත.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...