2025 ජනවාරි මස 24 පෙ.ව. 06:07 - {{hitsCtrl.values.hits}}
උදෑසන හිරැ කුමරැන් කඳු මුදුනින් එබී බැලීමට මත්තෙන් මා මිතුරන් සමග බස් රථයට ගොඩ වීමි. පැය කිහිපයකින් අපි අහස්කුස නොපෙනෙන්නට තරම් එකට ගෙතුණු තුරැ වියනක් අසල නතර වුණෙමු. ළමුන්ගේ ශබ්දය හැරැණු විට වෙන කිසි ම හඬක් නොඇසෙන තරම් නිහඬව තිබූ පරිසරය සිල් ගත්තාක් මෙන් විය. අප පැමිණි මේ සිංහරාජ වනය ගැන කතාවක් කරමින් සිටි මගපෙන්වන්නා සමග අපි ඉදිරියට ඇදුනෙමු. රෑස්ස ගස් අතුපතර විහිදා ගනව වැඩී තිබිණි. හදිසියේ ම මම විශාල මුලක පැටලී ඇද වැටුණෙමි. ඒ සමගම හිස ගලක වැදී සිහිසුන් වීමි. මා දෑස් විවර කරන විට කිසිවකු සිටියේ නැත. මම වනයේ හුදකලාව බිම වැතිරී සිටියෙමි.
ඉක්මනින් නැගිටගත් මා වනයේ නිහැඬියාව බිඳ දමමින් කෑ ගැසූ අතර කිසිවකු මා බේරා ගැනීමට පැමිණියේ නැත. මම ඉකි බිඳිමින් ඉදිරියට ඇදුනෙමි. එකවර ම මගේ කකුලේ යමක් පැටලෙන බව මට දැනුණි. අභාග්‍යයකි. ඒ සර්පයෙකි. මම ඌ ගලවා දැමීමට කකුල වේගයෙන් ගසා දැම්මෙමි. එක්වරම අම්මා මට බැණ වදින හඬ ද මට ඇසුණි. මම හැරී බැලුවෙමි. මා දැක ඇත්තේ සිහිනයකි. පාසලේ විනෝද චාරිකාව යාමට අවදීවීමට මා පරක්කු වූ නිසා අම්මා මට බණිමින් සිටියා ය.
තරුෂිකා නෙත්මිණි
9 ශ්‍රේණිය,
මිනු/ජනාධිපති විද්‍යාලය,
මිනුවන්ගොඩ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |