2025 අප්‍රේල් මස 02 පෙ.ව. 07:11 - {{hitsCtrl.values.hits}}
තුරැලතාවල සුවය, සිසිලස විඳගනිමින් කුරැලු ගී හඬින් අමන්දානන්දයට පත් වෙමින් වනාන්තරය පුරා මම ඇවිද ගියෙමි. හදිසියේ පය ලිස්සා මා ඇද වැටුණේ තනිව ගොඩ ඒමට නොහැකි තරම් ගැඹුරැ වළකට ය. සිදු වූ අකරතැබ්බයෙන් මිදෙන්න ක්‍රමයක් සිතමින් තැතිගත් සිතින් සිටි මට කොළ සෙලවෙන හඬක් ඇසිණි. මම වුවමනාවෙන් කන් දීගෙන සිටියේ කිසියම් පිහිටක් ලබා ගත හැකි වේ යැයි අපේක්ෂාවෙනි. මද වේලාවකිට පසු පඳුර අස්සෙන් කිසිවකු එන සෙවණැල්ලක් මට පෙනුණි. එසේ ම ගොරවන ශබ්දයක් ද ඇසුණු මට එවිට හීන්දාඩිය දැම්මේ ය. වළ දෙසට පැමිණෙන අඩි ශබ්දය ඇසෙන විට මට විශාල තැතිගැන්මක් ඇති විය. වළ අසලට පැමිණි විට ඒ කිසිවකු නොව කෘෘර පෙනුමක් තිබුණු දිග උල්වූ නිය තිබූ දරැණු සිංහයෙක් බව මට වැටහිණි.
ඌ දුටු මගේ ඇඟේ ලේ වතුර වුණි. ‘කොරේ පිටට මරේ‘ යැයි සිතුණු මට වළ ඉහළ සිට බලා සිටි දරැණු සිංහයා වළ දෙසට එබී ගොරවන විට මා අවට ඇති දේවල් බොඳවී ගොස් සිහිසුන්ව ඇද වැටුණි. මගේ නෙත් යාන්තමින් පියවෙන්නට පෙර ගිනි පන්දමක් අතින් ගත් පෙර නොදුටු මිනිසකු මගේ නෙත් ගැටුණි. ඉන්පසු කුමක් සිදු වූවාදැයි මට නොදැනුණි.
ටික වේලාවකට පසු මම නෙත් විවර කළ විට මට දැක ගත හැකි වූයේ මා වටා රොක් වී සිටින ගමේ පිරිස ය. මගේ අම්මා මා අසල සිටියේ ය. ‘නැවත තනියම වන රොදට යන්න එපා‘ යැයි අම්මා මට අවවාද කළා ය. ඒත් වනයේදී මා දුටු මිනිසා කවරෙක්දැයි මා තව ම දන්නේ නැත.
ජනීෂා කෞෂිනි
9 ශ්‍රේණිය,
බප/කැල/ විද්‍යාදීප මහා විද්‍යාලය.
![]() |
diary Read more... |