2025 අප්‍රේල් මස 19 ප.ව. 01:40 - {{hitsCtrl.values.hits}}
වනය සොබාදම් මෑණියන්ගෙන් අපට ලැබුණු වටිනා දායාදයකි. පරිසරයේ ජීවනාලිය වන්නේ වනය යි. හරිත වර්ණ වනය නෙතට මනරම් දසුනක් මවාපායි. මිනිසාගේ ජිව වායුව වන ඔක්සිජන් ලබාදෙන්නේ වනාන්තරවල ඇති වෘක්ෂලතා මගිනි. ජල චක්‍රය මනාලෙස සිදුවීමට උපකාර වන්නේ මෙම තුරැලතා ය. සතා සිවුපාවුන්ගේ වාසස්ථානය වනය බැවින් අපි එය රුකගනිමු. පෙරදිග, අපරදිග ඖෂධ සඳහා වනය අපට උපකාරි වන බැවින් අපි එය රුකගනිමු. මේ වන විට ලංකාවේ ද ලෝකයේ ද වනාන්තර විනාශ වී යාමේ තර්ජනයට දැඩිසේ මුහුණ පා ඇත. මිනිසා අනාගත පරපුර උදෙසා ඉතිරි නොකර ම වන විනාශය සිදු කරයි.
මේ නිසා අපි අපේ ජීවය උදෙසා වනය රුකගනිමු.
විනුජි නිලන්සා කුරැකුලසූරිය
5 ශ්‍රේණිය,
මාර/සුජාතා ප්‍රාථමික විද්‍යාලය,
මාතර.
![]() |
diary Read more... |