2025 අප්‍රේල් මස 04 ප.ව. 08:00 - {{hitsCtrl.values.hits}}
උදෑසන හිරැ කුමරා සමග අවදි වන මම සිසිල් මදනලේ සුවපහස විඳිමින් එහා මෙහා කරකැවෙමින් සිටියෙමි. ඒ මහත් සතුටින් සහ නිහතමානී ආඩම්බරයකිනි. මම මගේ මිතුරැ මිතුරියන් සමග කෙළි සෙල්ලම් කරමින් සිටින්නෙමි. සියලුම සතුනට හිත සුව පිණිස මම කටයුතු කළෙමි. මේ ලෝකය ගැන මගේ සිතේ තිබුණේ අභිමානයක් සහ ගෞරවය මුසු හැඟීමකි. පුංචි දුවා දරැවන් තරම් මට ආදරය කළ කිසිවෙක් මේ ලොව නොමැති තරම්ය. ඔවුන්ගේ ඒ සුමිහිරි කතාවට මම ඉතා කැමැත්තෙමි. ඒවායෙන් මිදී මා දැන් ඇත්තේ ප්‍රකාශ කරගත නොහැකි ශෝකයකිනි. මක්නිසාද ඒ ලොව අයහපත තකා වැඩ කරන මිනිස් යන නාමයට පටහැනිව ක්‍රියාකරන දුදනන් මා පෙරළා දැමීය. ඔවුහු මගේ අඳෝනාව කනකටවත් නොගත්හ. එදා පටන් මා දෙස කිසිවෙකු හැරී බැලුවේද නැත. මා සිඟමන් යදින්නෙක් මෙන් දවස පුරාම දුක්පීඩා විඳිමින් කෑගසන්නේ මගේ පෙර පාපයකට දැයි යන්න මට නිතර නිතර සිතුණි. අධර්මිෂ්ඨයෝ දිනකට මා වැනි රෑස්ස ගස් කීයක් බිම හෙළනවාද ? අපට සෙවණ ලබාදෙන, අපට වාතාශ්‍රය ලබාදෙන මේ ශාක දිවිහිමියෙන් රුකගත යුතුයි කියා ඔවුනට නොසිතෙන්නේ ඇයි මිනිසුන් පවා ආශ්වාස ප්‍රාශ්වාස කළේ මා නිසාය. ඔවුන් ජීවත් කරලීමට මා මගේ ජීවිතය කැපකළත් ඔවුන් ඔවුන්ගේ ජීවිතය පවත්වාගෙන යාමට ඔවුහු මගේ ජීවිතය විනාශ කළහ. නැවත මේ ලෝකය දෙස හැරී බලා පුංචි දරැවන්ගේ ආදරය දිනා ගැනීමට සහ ඔවුන්ට සේවය කිරීමට කැමති වුවත් මට එසේ කළ නොහැකි බව දැනෙන විට මට ඇතිවන්නේ මා පිළිබඳවම කම්පාවකි.
පබසරා පුන්සරණි
8 වැනි ශ්‍රේණිය,
කු/මලියදේව ආදර්ශ මහා විද්‍යාලය.
![]() |
diary Read more... |