2025 අප්‍රේල් මස 11 ප.ව. 06:04 - {{hitsCtrl.values.hits}}
මට වයස අවුරැදු 10 ක් වත් නැත. මාගේ මාපියන් මියගියේ මා ඉතා කුඩා අවධියේ දීය. එතැන් පටන් මම දිවි ගෙවන්නේ අනාථ නිවාසයකයි. එහිදී ද මට සලකන්නේ ඉතාමත් කුරිරැ ලෙසටයි. මට නිතරම මගේ මාපියන් මතක් වෙයි. අනාථ නිවාසයේ පිඟන් හෝදන විට, අතුපතු ගාන විට මට මගේ මාපියන් සිටියා නම් මට මෙසේ කටුක දිවියක් ගත කිරීමට සිදුනොවනු ඇතිබව සිතෙනවිට දෙනෙතින් කඳුළු ගලාගෙන එන්නේ එසැනිණි. දැන් මට සිටින්නේ මගේ අනාථ නිවාසයේ මගේ මිතුරන් පමණි. අප කාටත් මාපියන් නැති බැවින් අපි හොඳ මිතුරෝ වෙමු. අනාථ නිවාසය මගින් අප පාසල් යැවීමට තීරණය කළේ අපගේ මුළු ජීවිතයම ඒකාලෝක කරමිනි. මම හොඳින් ඉගෙන ගෙන හොඳ රස්සාවක් කරනවා යැයි එදා මම අධිෂ්ඨානයක් කරගෙන කටයුතු කළෙමි. එය අතරතුර මම විභාගයකින් සමත් වූවෙමි. බොහෝ දෙනා මේ අනාථ දරැවා ගැන දැනගත්තේ එලෙසිනි. වැඩි කලක් නොගොස් ඉතාමත් කරැණාවන්ත යුවළක් අපේ අනාථ නිවාසයට පැමිණියෝය. ඔවුන් මා රුගෙන යෑමට කැමති බව පැවසූ විට මට ඇති වූ සතුට ඔබට සිතාගත හැකිද ? මගේ සතුට නිම්හිම් නැති විය. මට දැන් පවුලක් ඇත. මටම මාපියෝ සිටිති. ඔවුන් මට ආදරයෙන් කරැණාවෙන් සලකන බව මම දනිමි. දැන් මට කිසිම දුකක් නැතිව ජීවිතය සතුටින් ගෙවිය හැකිය.
එම්.ජී.ජයමි මෙතුම්යා
7 වැනි ශ්‍රේණිය,
අනුලා විද්‍යාලය.
![]() |
diary Read more... |