වැඩිහිටියන් සෙවණේ

2024 නොවැම්බර් මස 22 පෙ.ව. 05:52 - {{hitsCtrl.values.hits}}  

ලෝක වැඩිහිටි දිනයක් ප්‍රකාශයට පත් කොට ඇත. එහි අරමුණක් වී ඇත්තේ වැඩිහිටියන්ට සැලකීමයි. ගරැ කිරීම පිළිගැනීම ඇගයීම් වේ. වැඩිහිටියන් ලෙස හඳුන්වන්නේ අපට වඩා වයසින් හා නැණ නුවණින් මුහුකුරා ගිය අයයි. වැඩිහිටියකුගෙන් ලැබෙන අවවාද හා අනුශාසනා මෙන් ම ආශිර්වාදය ද  අපි මහත් හරසරින් පිළිගත යුතු වෙමු. එමෙන්ම ඔවුන්ට ගරැ සැලකිලි මහත් ඕනෑකමින් මෙන් ම සියලු යුතුකම් වගකීම් ඉටුකිරීමක් ලෙසින් සලකා කටයුතු කිරීමක් යහපත් ය.                                                              
අතීතයේ රජ දරැවන් සියතින්ම සත්කාර කළ අයුරැ පැරණි පොත්පත්වල දක්වා ඇත. අද ලෝකයේ  වැඩිහිටි නිවාස වැඩි වැඩියෙන් පවතී. යනඑන මං නොමැති වූ මවුපියවරැ මහමග සිඟා යදිති. වැඩිහිටි ලෙයින් කඳුළින් උපන් අප ඔවුන්ගේ මහලු වියේදී ඉතා ආදරයෙන් බලාගත යුතු ය. ඔවුන්ගේ ආශිර්වාදයත් ඇසුරත් උපදේශනයත් තුළින් අපේ හෙට ලොව ආලෝකවත් කරගනිමු. 

ජනිදි ෂෙහාරා වීරරත්න
8 ශ්‍රේණිය,
සුරදූතික බාලිකා විද්‍යාලය, 
පයාගල.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...