වෙල්යායක සුන්දරත්වය

2025 ජනවාරි මස 27 පෙ.ව. 09:59 - {{hitsCtrl.values.hits}}  

අපේ ගමේ වෙල්යාය පිහිටා ඇත්තේ අපේ ගමට පහළිනි. එක් සවස් වරැවක අම්මාත් මම වෙල්යාය බැලීමට ගියෙමු. එහි තිබූ සුන්දරත්වය මට කියා නිම කිරීමට බැරි තරම් ය.
මම නිල්වන් පාටින් දිස්වුණු කෙත්යාය දෙස     ඇසිපිය නොහෙළා  බලා සිටියෙමි. රන්වන් කරලින් බරව ගොයම් පැළ මඳ සුළඟට ලෙළදෙන අයුරැ මා බලා සිටියේ විස්මය දනවන දෙනෙතිනි.  මා සිතුවේ මා පමණක් මෙය බලනවා කියා ය. එහෙත් තවත් බොහෝ ළමයි නියරවල දුවමින් සෙල්ලම් කරමින් සිටියෝ ය. ඔවුන් පසුපස දුවන බලු පැටවුන් විටෙක කුඹුරට වැටුණි. තවත් සමහරෙක් නියරට වී  යහළුවන් සමග සීතල සුළඟේ රසය වින්දෝ ය.
නිමල් මාමා පැහීගෙන එන ගොයම් කරල් අල්ලා  පරීක්ෂා කළේ ගොයම් කැපීමට ළඟදැයි බැලීමට විය හැකි ය. විටින් විට පැමිණෙන ගිරා රංචු එළවීම සුනීතා නැන්දාට ඉතා අපහසු වුවත් ගොයම්  ආරක්ෂා කර ගැනීමෙහිලා ඇය කරන මෙහෙය ඉතා අනර්ඝ විය.
කඳුළු පිරි දෙනෙතින් යුතුව හිරැ කුමරා සඳ කුමරැට ඔටුන්න හිමි කර දුන් බැවින් අඳුර පැතිරැණේ ය. එම නිසා අපි ගෙදර ආවෙමු.

පුරවි අංගීරසා කුලතුංග
10 ශ්‍රේණිය,
මියුසියස් විද්‍යාලය, කොළඹ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...