ශ්‍රී ලංකාවේ ලෝක උරැම

2025 අප්‍රේල් මස 18 පෙ.ව. 06:18 - {{hitsCtrl.values.hits}}  

වසර සියදහස් ගණනකට ඈත එපිට අතීතයක් හිමි ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසයේ තතු දක්වන ස්පර්ශිත මෙන්ම අස්පර්ශිත සෑම මූලාශ්‍රයක්ම අයත් වන්නේ අපේ අභිමානවත් සංස්කෘතියට යි. අපේ රටේ අනන්‍යතාව ලොවට ගෙන ගිය ලෝක උරැම ස්ථාන හයක්  මේ පුංචි දිවයින සතු ය.
දකුණු ආසියාවේ දීර්ඝතම කාලයක් පැවති අගනගරය වන පැරණි අනුරාධපුර නගරය ආශ්‍රිත නටබුන්, ශ්‍රී ලංකාවේ දෙවැනි රාජධානිය වූ පොළොන්නරැ රාජධානිය ආශ්‍රිත හින්දු හා බෞද්ධ නටබුන් ලොව අටවැනි පුදුමය වූ සීගිරිය, දඹුල්ල ලෙන් විහාරය, ලන්දේසි යුගයට අයත් ගාලු කොටු පවුර, දළදා මාලිගය ඇතුළු මහනුවර පූජනීය නගරය යන ස්ථාන යුනෙස්කෝ සංවිධානය විසින් ලංකාවේ ඇති ලෝක උරැම ස්ථාන ලෙස නම් කර ඇත.

දේවින්දි අනුරැද්ධිකා
7 ශ්‍රේණිය,
කුලි/ ගල්පොළ කනිෂ්ඨ විද්‍යාලය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...