ශිෂ්‍යත්වය මුහුණ දුන් දා

2025 ජනවාරි මස 24 ප.ව. 10:58 - {{hitsCtrl.values.hits}}  

ශිෂ්‍යත්ව විභාගයට පෙර දින නින්දට ගිය විට මට එය දිගු රාත්‍රියක් ලෙස දැනුණි. මම ශිෂ්‍යත්ව විභාගයට ගිය දින ත්‍රීරෝද රථයෙන් බැස බලන විට විශාල ළමයින් පිරිසක් හා මව්පියන් පිරිසක් දැක ගත හැකි විය. ගේට්ටුව ළඟ සිටි ළමයි පිරිස මැදට එකතු වූ මගේ අරමුණ වී තිබුණේ විභාග අංකය සොයා ගැනීමයි. අපේ පන්ති බාර ගුරැතුමිය දුටු විට මගේ සිතේ තිබූ බිය තරමක් අඩු විය. මම ශිෂ්‍යත්ව විභාගයට දුන් ප්‍රශ්න පත්‍ර දෙකට ම හොඳින් පිළිතුරැ ලිවුවෙමි. ලියා අවසන් වූ මට සිතුණේ හිස මත තිබූ ලොකු බරක් බිම තැබුවා සේ ය.

කිත් ශ්‍රී බණ්ඩාර
5 ශ්‍රේණිය,
මො/ බි/ කොටගම ප්‍රාථමික විද්‍යාලය,
බිබිල.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...