සඳ පහන් රැය

2025 අප්‍රේල් මස 18 පෙ.ව. 05:54 - {{hitsCtrl.values.hits}}  

හිරැ හෙමින් හෙමින් නින්දට යන විට සඳ හෙමින් හෙමින් අහසට නැග එයි. ආකාසයේ සඳ දිදුලමින් ඇතිවිට මම මිදුල මැදට ගියෙමි. දිවා කාලයක් මෙන්ම ගෙමිදුල ආලෝකවත්ව පැවතිණි. මගේ මුළු සිරැරම සඳ රුසින් නැහැවුණි. සඳඑළිය අපට කිසි බාධාවක් නොවෙයි කියන්නාක් මෙන් වවුලෝ රූ අහසේ එහෙ මෙහෙ සැරිසරති. මෙය ඉතාමත් සුන්දර සිත්තමක් වැනිය. 
රාත්‍රියේ පිපෙන මල්වල සුවඳ මාගේ නාසයට අපූරැ වින්දනයක් ගෙන දෙයි. කඩුපුල් මලක් සාඩම්බරයෙන් හිනැහුණේ ය. පිපුණු සේපාලිකා මල් සුවඳ විහිදුවමින් එකිනෙක බිමවැටෙන්නේ කාගෙ කාගේත් ජීවිතය ඔය වගේ තමයි කියන්නා සේ ය. අපේ විලේ ඇති කුමුදු මල් පිපෙන්නේ පර වී වැටෙන ඕලු මල දෙස හරි උජාරැවෙන් බලන්නා සේ ය. ඇත්තෙන්                   ම සඳ රුස් ගතට මොනතරම් සිසිලක් ගෙන දෙන්නේදැයි මට දැනිණි.

රිසිඳි දේවින්දි බණ්ඩාර
7 ශ්‍රේණිය,
මප/කොත්/ ජයහෙළ ජාතික පාසල, පූඩ‍ළුඔය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...