2025 අප්‍රේල් මස 04 ප.ව. 07:48 - {{hitsCtrl.values.hits}}
සාමා දුප්පත් ගැහැනු ළමයෙක්. අම්මා, තාත්තා නැති සාමාව ආච්චි අම්මා හොඳින් බලා ගත්තා. එයාගේ පොඩි ගේ තිබුණේ කැලෑවට යාබදව අමුතු විදිහේ කුරැල්ලෙක් මේ ගේ ඉදිරියේ ජම්බු ගහේ වහලා සාමා සාමා කියමින් කතා කරනවා. ආච්චි කියන්නේ ඒ සැලලිහිණියෙක් කියලා. සාමාට පාඩම් කියලා දෙනවා. පලතුරැත් ගෙනත් දෙනවා. දවසක් ළමයෙක් කැටපෝලයෙන් විදින ගලක් වැරදිලා මේ කුරැල්ලාට වැදුණා. ඌ අත්තෙන් බිමට වැටුණා. දැඟලුවා.
මෙන්න එතැනින් සාමාගේ අම්මා මතුවුණා. ආච්චි හඳුනාගත්තා සාමාගේ අම්මාව. එක දවසක් කැලේ දී අම්මාටයි තාත්තාටයි වුණු දේ ඒ අම්මා කිවුවා. දර කඩන්න කැලේට යන විට තාපසාරාමයක් හමු වුණා. ළඟ අඹගසෙන් කඩාගෙන අඹ කෑවාම තාපසයා අපට සාප කළා. අපි සැලලිහිණි බවට පත්වුණා. කැලේ අතරමං වෙලා හිටියා. මම ගේ සොයාගෙන ආවා. තාත්තාත් දවසක ඒවි. අම්මා කිවුවා. සාමා හැමදාම කැලේ දිහා බලාගෙන ඉන්නවා. සැලලිහිණි තාත්තා එනතුරැ බලාගෙන ඉන්නවා.
යෙහෙනි මෙත්දිනි පියරත්න
2 ශ්‍රේණිය,
කහන්තොට කනිෂ්ඨ විද්‍යාලය,
මාලබේ.
![]() |
diary Read more... |