සාරධර්ම සුරකිමු

2025 අප්‍රේල් මස 11 ප.ව. 06:01 - {{hitsCtrl.values.hits}}  

යම්කිසි ගෘහ භාණ්ඩයක් සාදන වඩුවා එම ලීයේ අරටුව ඉවත්කර සුදුසු කොටස තෝරාගනී. එලෙස අපත් නරක දේ ඈත්කර හොඳ දේ ළංකර ගත යුතුය. සාරධර්ම යනු අප ඇති කරගත යුතු හොඳ පුරැදුයි. වැඩිහිටියන්ට ගරැ කිරීම, අසරණයන්ට පිහිටවීම, ගුරැ සිත නොරිදවීම, පොදු දේපළ සුරුකීම, මවුපියන්ට කීකරැවීම යහපත් සාරධර්මවලට අයත් වේ. හෙට දින සමාජයේ ජය අත්කර ගැනීමටත්, සමාජය බැබළවීමටත් අප ඒ සාරධර්ම රුකගත යුතුය. වැඩිහිටියන්ට ගරැ කිරීම, ගුරැ සිත නොරිදවීම, පොදු දේපළ සුරුකීම, අසරණයන්ට පිහිටවීම ආදි සාරධර්ම අද සමාජයේ පිරිහෙමින් පවතී. දරැවන්ට ආදර්ශයක් විය යුතු වැඩිහිටියෝද සදාචාර විරෝධී ක්‍රියාවල යෙදෙති. පොදු දේපළ විනාශ කිරීම දුසිරිත්වල යෙදී පිරිහෙමින් සිටිති. ගුරැන්ගෙ සිත් රිදවීම, වැඩිහිටියන්ට විහිළු කිරීම, නරක වචන කතා කිරීම ආදි දුසිරිත්වල පොඩි ළමයි පවා යෙදී සිටිති. හොඳ සාරධර්ම අප ද පුරැදු පුහුණුකර කියා දී යහපත් සමාජයක් ගොඩනගමු. දුසිරිතෙන් තොර සමාජයක යහපත් පුරවැසියෝ වෙමු.

පී.අසිත්හා දින්මලී
8 වැනි ශ්‍රේණිය,
හලා/සේනානායක මහා විද්‍යාලය,
මාදම්පේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...