2025 අප්‍රේල් මස 11 ප.ව. 06:00 - {{hitsCtrl.values.hits}}
ඇඳිරි වැටීගෙන එනවිට මමත් මල්ලීත් දිනපතාම අපේ නිවස ඉදිරිපිට වැටී ඇති ගුරැපාරට යන්නේ තාත්තා වැඩ ඇරී එනවාදැයි බැලීමට ය. එවිට අපි සැඳෑ අහසේ තිබෙන අසිරිය බැලීමට ද කිසිදා අමතක කරන්නේ ද නැත. ඈත අහසේ දිස්වන විවිධාකාර වලාකුළු රටා බොහෝ ය. ඇඳිරි වැටෙන්නට ආසන්නයේ අහසේ පාට පාටින් සමහර වලාකුළු මුහුදු රුල්ලක් මෙන් ද ගිනි දැල්ලක් මෙන් ද දිස් වේ. තවද නිල් පාටින් හෙබි අහසේ තැනින් තැන තරැ පායා ඇත්තේ අහසේ සුන්දරත්වය වැඩි කිරීමටදැයි මට සිතෙයි.
කුරැල්ලන් රූන් පිටින් තම කූඩු කරා පියාඹන ආකාරය ඉතා ප්‍රියජනක ය. මිනිසුන් රුකියාවන් අහවර වී හනි හනිකට නිවෙස් කරා යන්නේ කඩිසර ලීලාවෙනි. ඇඳිරි වැටී ඇති පරිසරය ද වටපිට බලද්දි මට හැඟෙනුයේ ඉතා දුක්මුසු බවකි.
‘අක්කේ අර බලන්න අර තරැව හරි ලොකුයි. ඒ තරැව අනිත් තරැ වගේ දිලිසෙන්නේ නැත්තේ ඇයි?‘
‘මල්ලි මට හිතෙන්නෙ ඒ ඉරබටු තරැව කියලයි. ඔයා දන්නවද ඉරබටු තරැව කියන්නෙ සිකුරැ ග්‍රහයාට.‘
‘ඇත්තද අක්කේ‘
මෙසේ අප දෙදෙනා කතාබහ කරමින් සිටින විට ගුරැ පාරේ ඈතින් බයිසිකලයක නැගී කවුරැන් හෝ එනු දුටු අප ඒ දෙසට දිව ගියේ තාත්තාදැයි සැක හැර දැනගැනීමට ය. මෙසේ සැම දිනක ම අපි හවස් වන විට අහස බැලීමට අමතක කරන්නේ නැත.
ඉමාෂා සෙව්වන්දි
8 ශ්‍රේණිය,
ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලය, පිළියන්දල.
![]() |
diary Read more... |