2025 ජනවාරි මස 26 ප.ව. 12:07 - {{hitsCtrl.values.hits}}
වැටෙන හිරැ රුස් ගස් අතරින් එබී බලන්නේ
දිලෙන පිනි බිඳු මුතු කැට මෙන් බබළන්නේ
කුරැලු පැටවු කෑගසමින් කෑම සොයන්නේ
ගොවි මහතුන් උදාසනින් වැඩ අරඹන්නේ
විකසිත වී බැබළෙන මල් සුවඳ හමන්නේ
සමනලයන් තටු සලමින් රුඟුම් රඟන්නේ
සිසිල් සුළඟෙ දැවටි දැවටි ගස් නැළවෙන්නේ
මෙලෙසයි මම උදෑසනේ අරැත කියන්නේ
අංජලී භාග්‍යා
9 ශ්‍රේණිය,
සී.ඩබ්. ඩබ්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලය,
මතුගම.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |