ළමා සාහිත්‍ය

2024 දෙසැම්බර් මස 22 ප.ව. 05:10 - {{hitsCtrl.values.hits}}  

    ගසක මල් පිපී පලබර වන්නට නම් පෝෂණය අවශ්‍ය වේ. ඒ ලෙස ම ළමා ජීවිතය ගුණ සුවඳින් පෝෂණය කිරීමට ළමා සාහිත්‍ය මහත් රැකුලකි. සාහිත්‍ය වූ කලී ජීවිතයට අත්දැකීම් සම්භාරයක් ලබාදෙන මාධ්‍යයකි. එය ළමා කාලයේ සිට ම අත්දැකීමට රසවිඳීමට ලැබීම  දරැවකුගේ ඉදිරි අනාගතයට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.
    ළමා සාහිත්‍ය දරැවකුගේ සිතන පතන ආකාරය හැසිරීම් අත්දැකීම් සියුම් ලෙස වචනයට පෙරළා අර්ථවත්ව ඉදිරිපත් කර ඇත. පොඩි කාලයේ පටන් ළමා නවකතා, කෙටිකතා කියවීමෙන් අපහට දැනුම වර්ධනය කර ගැනීමට හැකිවන අතර අනාගතය සාර්ථක කරගැනීමට  හැකි වේ.
     වර්තමානයේ ළමා සාහිත්‍ය විකෘති වන අන්දමේ පොත් බිහි වී ඇත. ඒත් තෝරා බේරා ගෙන ළමුන්හට ළමා මනසට උචිත පොත් කියවීමට අවස්ථාව සලසා දීම වැඩිහිටියන්ගේ වගකීම යි. කුඩා කලෙයේ පටන් පොතක් පත්තරයක් කියවීමට රසවිඳීමට හැකිනම් පුංචි අපිට මේ ලෝකය ගුණ නුවණින් පිරි තැනක් බවට පත් කිරීමට හැකිවනු ඇත.

කසුනි පියුමන්දි කරැණාරත්න
9 ශ්‍රේණිය,
ර/ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලය,
රත්නපුර

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...