2075 මම දකින වෙසක්

2025 ජනවාරි මස 27 පෙ.ව. 09:51 - {{hitsCtrl.values.hits}}  

මම තාත්තා සමග පියාඹන කාර් එකට ගොඩ වූයේ වෙසක් උත්සවය නැරඹීම සඳහාය. මුළු අහසම හා පොළොව වෙසක් සැරසිලිවලින් එළිය කර තිබුණි. ඒ අතුරින් පාවෙන කූඩු දෙසට මගේ වැඩි අවධානයක් යොමු විය. මෙවර වෙසක් උත්සවයේ තොරණේ ගසා තිබුණේ ජාතක කතාවල නම් සියයකි. එක නමක් සඳහන් බොත්තම එබූ විට ඊට අදාළ ජාතක කථාව තොරණේ නිරෑපණය වෙයි.
 අප යන විට බොහෝ දෙනා තොරණ නරඹා නිවෙස්වලට ගොසින්ය. තොරණ ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක රොබෝවරැ යොදා තිබුණි. තාත්තා මට පියාඹන හෙල්මටයක් අරන් දුන්නේය. එයින් මට ගමන් බිමන්ද යා හැකිය. මම සතුටින් මගේ නිවසට නික්ම ගියෙමි.

මදූෂ ධනංජය
9 වැනි ශ්‍රේණිය,
පිලිප් ආටිගල මහා විද්‍යාලය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...