අකීකරැ වලස් පැංචා

2025 මාර්තු මස 29 පෙ.ව. 02:18 - {{hitsCtrl.values.hits}}  

ඔන්න  යාළුවනේ එකෝමත් එක කැලෑවක හිටියා වලස් පවුලක්. ඒ වලස් පවුලේ දඟකාර අකීකරැ වලස් පැටියෙකුත් හිටියා. එයා කවුරැවත් කියන දේ අහන්නේ නෑ. එක දවසන් වලස් අම්මයි වලස් තාත්තයි එළියට යන්න සූදානම් වෙලා වලස් පැටියට මෙහෙම කිවුවා. ‘පුතේ අපි එනකම් ගේ ඇතුළටම වෙලා ඉන්න ඕනෑ. එළියට හෙම යනවා නෙවෙයි.‘ කියලා කිවුවා. ඒත් වලස් පැංචා නම් ඒක ඇහුවේ නෑ. වලස් පැංචා ඒ දෙන්නා යනතුරැ ඉඳලා කැලේට ගියා ඇවිදින්න. 
ඔහොම ටික වෙලාවක් වලස් පුංචා කැලේ ඇවිද ගෙන යනකොට දැක්කා කොටියෙක් වලස් පැංචා පැත්තට එනවා. කොටියා වලස් පුංචව ගුහාවකට ඇදගෙන ගියා ආහාරයට ගන්න. එතකොටම මතුවුණු සුරංගනාවක් පැංචාව බේරාගත්තා. ඊට පස්සේ පැංචාව ගෙදර අරන් ගියා. ඒ වෙලාවෙත් වලස් පැංචාගේ අම්මයි තාත්තයි හොඳටම බයවෙලා හිටියේ. සුරංගනාව යන්න කලින් පැංචාට අවවාදයක් දුන්නා. ‘වලස් පැංචෝ මීට පස්සේ ඔයා වැඩිහිටියෝ කියන දේවල් අහන්න ඕනෑ‘ වලස් පැංචා ඒක හොඳට ම හිතට ගත්තා. 
 
රිසින් චරිත්නා මනම්පේරි
6 ශ්‍රේණිය,
ර/සුමනා බාලිකා විද්‍යාලය, රත්නපුර. 
දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...