.
පිටස්තර ජනයාගෙන් වෙන්වුණු මෙය ඉන්දියානුවන්ගේ ම ලෝකය විය. මුළු ගමනේදී අපි එකම වාහනයක්වත් නුදුටුවෙමු. අප දුටුවේ බූරැවන්,කොටළුවන් සහිත ඉන්දියානු පවුල් පමණි. අපි ගස්වලින් තොර කඳුවලට නැග්ගෙමු. පතොක්වලින් පිරි කාන්තාරවලින් සැදුණු නිම්නයන්ට ගියෙමු. කර්කශ සුළඟට මුහුණ පෑවෙමු. හදිසියේම අඩි දොළොස්දාහක් පහළින් ඈත කැලෑව දිස්විය. මට නිම්හිම් නැති සතුටක් දැනුණි. මට ඉබේටම කෑගැසුණි. ‘මොකද ළමයො කෑ ගහන්නේ?‘ අම්මා ඇසුවාය.
මා දැක තිබුණේ සිහිනයකි.
මෙතුල් මින්දුල රණතුංග
4 ශ්‍රේණිය,
මිනු/බණ්ඩාරනායක මහා විද්‍යාලය,
මීරිගම.