2025 අප්‍රේල් මස 30 පෙ.ව. 04:09 - 4348
අප මේ ලොවට බිහි කිරීමට අපේ මව විඳි වේදනා අපමණ ය. එම වේදනා සිඳ බිඳ දමමින් කම්කටොලු ඉවසා දරා මා හට මෙලොව එළිය දැකීමට දිවි දුන්නේ ඒ උතුම් මාතාවයි. අප උපන්දා පටන් ඇඟේ ලේ කිරට හරවා මා හට පොවා මා ඇති දැඩි කිරීමට ඈ ගත් උත්සාහය වචනවලින් කිව නොහැකියි.
අගේ ඒ සෙනෙහසට උපමා කිරීමට වස්තුවක් සිහියට නැගෙන්නේ ද නැත. ඇය ඒ තරම් වටිනා වස්තුවකි. අද සමාජයේ අම්මාට නොසලකා හරින දරැවෝ ද සිටිති. ඒවාට හේතුව ලෙස ‘‘මට කිසිම දෙයක් දුන්නේ නෑ, මට කිසිම දෙයක් කළේ නෑ‘ කියමින් දරැවෝ මැසිවිලිනගති. අද සමාජය ඇයි මේ තරම් කුරිරැ. මගේ අදහස නම් අම්මා විසින් අපට කිසිම දෙයක් කිරීමටවත් දීමට වත් අවශ්‍ය නැත. ඇය අපට ජීවය දුන් නිසා අපි ඇයට ප්‍රතිඋපකාර කළ යුතු වෙමු.
අපි මිත්‍යාෙවන් පිරි මේ අන්ධකාර සමාජයෙන් මිදී සත්‍යගරැක සමාජයට පිවිසෙමු. එවිට අම්මා පිළිබඳ සෙනෙහස ගලා එනවා නිසැක ය.
දීනමලී පතිරත්න
9 ශ්‍රේණිය,
හලා/ සේනානායක මහා
විද්‍යාලය, මාදම්පේ.
![]() |
diary Read more... |