විනයගරැක වෙමු

2025 මාර්තු මස 11 ප.ව. 04:52 - {{hitsCtrl.values.hits}}  

ඕනෑම සමාජයක් යහපත් වීමට නම් එම සමාජයේ සිටින පුද්ගලයන් යහපත් හා විනයගරැක පුද්ගලයන් විය යුතු ය. එමගින් යහපත් පුරවැසියන් බිහි වනවාත් සමගම අප අවට ඇති සමාජය ද යහපත් වේ. මෙමගින් ජීවත් වන සියලු දෙනාටම කරදරයක් හිරිහැරයක් නොවී විසිය හැකිවන්නේ එවිට ය. සැම රටකම සමාජයක ම විනය ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ මාදිලියේ නීති සම්පාදනය කර ඇත. කිසියම් මොහොතක දී මේවා උල්ලංඝනය කිරීම දඬුවම් ලැබිය හැකි බරපතළ වරදකි.
නිදසුනක් ලෙස අපි මහමග ගමන් කිරීමේදී දකුණු පසින් ගමන් කළ යුතු වෙමු. පාර හරහා මාරැ වීමේදී වම හා දකුණ බලා කහ ඉරෙන් පාර මාරැ විය යුතුය. එහෙත් නෙයෙකුත් පුද්ගලයන්ගේ ක්‍රියාදාම හමුවේ නිසි අයුරින් මහමග ගමන් නොකිරීම හේතුවෙන් විවිධ අනතුරැවලට මුහුණ දීමට සිදු වේ. මෙය මහමගට පමණක් සීමා නොවී සමාජයේ කොතැනක ගියත්, කුමක් කළත් කීවත් විනය පවත්වා ගත යුතු ය. නැතිනම් ඉහත සඳහන් කළ ආකාරයට විවිධ කරදරවලට අපට මුහුණ පෑමට සිදුවේ. මේ නිසා අපි විනයගරැක පුද්ගලයන් ලෙසින් ජීවත් වෙමු.

කවිඳු දිලීප විතානගේ
10 ශ්‍රේණිය,
කෑ/දෙහි/ අටුළුගම මායාදුන්න මහා විද්‍යාලය. දෙහිඕවිට.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...