සුන්දර ගම්මානයක්

2025 ජනවාරි මස 24 පෙ.ව. 02:39 - {{hitsCtrl.values.hits}}  

සුදු සේලයකින් වැසි ගුවන්තලය සිඹින හිම කුමරියන් බඳු කඳු වැටිවලින් වට වූ ගම්මානය රමණීය දසුනකි. පෙනෙන තෙක් මානයේ ඈට දිස්වන හරිත පැහැයෙන් යුත් තුරැලතා ගම්මානයේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කරයි. තුරැ හිස් මත සිට නද දෙන සියොත් කැලගේ මිහිරි හඬ ගම්මානය සිසාරා රුව් නැගෙන්නේ ගම් පියසේ සුන්දරත්වය වැඩි කරමිනි. ගම්මානය කෙළවරින් අහස කරා නැගී සිටින ගොන්ගල පර්වත  රාජයා ඈතට දිස්වන්නේ ගම ආරක්ෂා කිරීමට සිටින යෝධයකු ලෙසිනි. සුදු පෙණ කැට නංවමින් ගම මැදින් ගලා බසින ගංගා කොමළිය මුළු ගමටම ආඩම්බරයකි.

නෙත්මිණි සචින්තනා
5 ශ්‍රේණිය,
මාර/දෙනියාය මධ්‍ය මහා විද්‍යාලය,
දෙනියාය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...