.
අපි ගොඩාක් ලස්සන ග්‍රහලෝකයක ජීවත් වෙනවා. සොබාදහම අපේ හොඳම යහළුවාය. ඒ වගේ ම ඒ අපේ අම්මා ලෙස සලකන්න පුළුවන්. එය මෙහි ජීවත්වීමට සියලුම සම්පත් ලබා දෙනවා. අපට බොන්න වතුර, හුස්ම ගන්න වාතය, කෑමට ආහාර, සිට ගැනීමට භූමිය, සතුන් මල් ගස් කොළ ආදි සැමදේම දෙනවා. සොබා දහම කියන්නේ දෙවියන් අපට දුන් අනර්ඝ ත්‍යාගයක්. අපි එය සාමකාමිව තබාගනිමු. පිරිසුදුව තබාගනිමු. අප සියලු දෙනා ම සොබාදම් අම්මා ආරක්ෂා කර ගැනීමට උත්සාහ කළ යුතුය.
මහිම කෞෂික නානායක්කාර
9 ශ්‍රේණිය,
ගා/ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලය, බද්දේගම.