හිමිදිරියේ සුන්දරත්වය

2024 දෙසැම්බර් මස 20 ප.ව. 03:48 - {{hitsCtrl.values.hits}}  

හිමිදිරියේ සුන්දරත්වය
------------------------------------
වෝන්යා බණ්ඩාර, 7 ශ්‍රේණිය වේල්ස් කුමරි විදුහල, මොරටුව. 
------------------------------------
  
1) පාට පාට කුරුල්ලෝ රෑන් රෑන් පියඹා යනවා.  
ගස්වල පලතුරු හැදිලා සුවද හමනවා. නෙක නෙක මල් පාට පාට පිපිලා තියෙනවා. හිමිදිරියේ සුන්දර බව අපිට පේනවා.

2) ගංගාවෝ හෙමින් හෙමින් ගලා බසිනවා. වදුරු රංචු පැන පැන විත් පලතුරු කනවා.
වහු පැටියා අම්මා සොයා දුව දුව යනවා. මගුල් ගෙයක් වගේ අපට උදේ පේනවා.

3) මානෙල් ඕකිඩ් වතුසුදු පිපිලා තියෙනවා. වෙල්යායේ ගොයම් කරල් සුලගෙ වැනෙනවා. නිල්  ජල දහරාවන් කඩා හැලෙනවා. හිමිදිරියේ සුන්දර බව තව වැඩි වෙනවා.

4) කපුටු කාක් ඈත ඉදන් හඩ පතුරනවා. පුංචි ගොවියා උදලු අරන් කුඹුරට යනවා. පුංචි ළමෝ සුදු පාටින් පාසැල් යනවා. හිමිදිරියේ අසිරිය දැක අප තුටු වෙනවා.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...