ලෝකයේ දුර්ලභ රෝස පැහැ මඩුවා නැවත හමුවේ

2024 ඔක්තෝබර් මස 18 ප.ව. 01:40 - {{hitsCtrl.values.hits}}  

මහා බාධක කොරල් පරය අසළ

ලෝකයේ විශාලතම ස්වාභාවික කොරල්පරය ලෙස සැලකෙන ඕස්ට්‍රේලියාවේ මහාබාධක කොරල් පරය අසළ සාගරයේ, ලේඩි එලියට් දූපතට නුදුරුව කිමිදෙමින් සිටි ක්‍රිස්ටියන් ලේන් නම් ඡායාරූප ශිල්පිනියට අපූරු දර්ශනයක් දැකගැනීමට ලැබී තිබේ.

ලොව වෙසෙන එකම රෝස පැහැති ඉතා දුර්ලභ මඩු මත්සයා ඡායාරූපගත කිරීමට ඇයට හැකිවිය.

“මම රෝස මඩුවෙක් ගැන ජීවිතේට අහලා තිබුණේ නැහැ. ඔහු දැකපු අවස්ථාවේ හිතුවේ මගේ කැමරාවේ දෝෂයක් වෙන්නැති කියලයි. එදා රාත්‍රියේ මම දැක්කා රෝස මඩුවෙකුගේ පින්තූරයක් මම හිටපු අවන්හලේ දැන්වීම් පුවරුවක තිබෙනවා. මම හිතුවේ ඒක විහිලුවක් කියලයි. එය දුටු හැටියේ මම දුවලා ගිහින් මගේ කැමරාවෙන් ගත්තා ඡායාරූප නැවත පරීක්ෂා කළා” යැයි ලේන් පැවසුවාය.

 පළමුව හොයාගත්තේ අවුරුදු 5කට පෙර

මේ රෝස පැහැති මඩුවා පළමුව සොයාගන්නා ලද්දේ, මීට වසර 5කට පමණ පෙරදීය. රයන් ජෙෆී නමැති කිමිදුම්කරු මත්ස්‍යා ඡායාරූප ගතකළේය. මේ වනවිට රෝස මඩුවාව දැක ඇත්තේ අවස්ථා 10කදී පමණක් බව වාර්තා වේ.

Pink Panther

අඩි 11ක් පමණ දිගැති මේ මඩුවා, සුප්‍රකට කාටූනයක් වන රහස් පරීක්ෂක රෝස දිවියා හඳුන්වන  Pink Panther නමින් නම්කර ඇත.අලංකාරවත් රෝස පැහැ සමක් සහිත මේ මඩුවාගේ සිරුරේ සුදු පැහැ උපන් ලපයක් ද වෙයි.

රෝස පැහැයට හේතුව

මේ සුන්දර රෝස පැහැය ඇතිවීමට හේතුව සොයාගැනීම සඳහා මඩුවාගෙන් 2016දී කුඩා පටක කොටසක් ලබාගත්හ. වෙනස් ආහාර රටාවක් හෝ අසනීප තත්වයක් හේතුවෙන් රෝස පැහැයක් ගන්නට ඇතැයි විද්‍යාඥයෝ පවසති. ඔවුහු තවමත් පරීක්ෂණ කරමින් සිටිති.

 (​ඇසුරිනි)

ඩිල්ෂානි චතුරිකා දාබරේ

Credit: Kristian Laine/ Magnus News

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...