2025 මාර්තු මස 30 පෙ.ව. 01:28 - {{hitsCtrl.values.hits}}
වසරේ අවසන් පුන් පොහොයෙන් එනම් උඳුවප් පොහොයෙන් ඇරඹෙන සමනල සිරිපා කරුණාව අවසන් වන්නේ වෙසක් පුන් පොහෝ දිනයෙනි. සිරිපා කරුණාව දුෂ්කරය. අනාදිමත් කලක සිට සිංහල බෞද්ධයා බැති සිතින් සිරිපා කරැණා කරයි. ඒ බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහන එහි පිහිටුවා ඇතැයි යන විශ්වාසයෙනි. බෞද්ධයා පමණක් නොව අන්‍ය ආගමිකයෝද සිරිපා වන්දනාවට කන්ද තරණය කරති. ඒ ඒ ආගම්වල උතුමන් විසින් එහි පා සටහන තබා ඇතැයි යන විශ්වාසය පදනම් කර ගනිමිනි.
සමනල කන්දේ පිහිටීම
සමනල කන්දට නම්
ජනශ්‍රැතියෙන් කතාවක්
සිරිපා අඩවියේ පිහිටි මනරම් මල් උයනකි. නොයෙක් මලින් සැදි ඒ මල් උයන රුක බලා ගැනීම සඳහා උයන්පල්ලෝ දෙදෙනෙක් වූහ. ඔවුන් රුකවල් ලා සිටියද මල් වරින් වර අතුරැදහන් විය. එහෙත් සොරැන් අල්ලා ගැනීමට නොහැකි විය. මේ නිසා රජතුමා සොරැන් අල්ලා දෙන්නෙකුට තෑගිබෝග පිරිනමන බවට අණ බෙර ලැවීය. මේ සඳහා ඉදිරිපත් වූයේ අරැම පුදුම අයෙකි. ඔහුට දෙපා නැත. මඟුල් උයනේ තැනූ පුංචි කුටියක හිඳිමින් ඔහු රාත්‍රිය නොනිදා පහන් කළේය. රාත්‍රිය ගත කළේ බණ පොතක් කියවමිනි. මැදියම් රුයේ ඇසුණු ශබ්දයක් නිසා අවට සෝදිසි කළ ඔහුට දක්නට ලැබුණේ මල් නෙළමින් උයන පුරා සරන සුරංගනාවන්ය. ඔහු බණ පොත දිගින් දිගටම කියවමින් උන්නේය. ඔහුගේ මිහිරි හඬ ඇසූ සුරංගනාවෝ කුටිය අසලටම විත් අසාගෙන සිටියහ. ඒ තැනැත්තා එක්වරම එක් සුරංගනාවකගේ සුළැඟිල්ලෙන් අල්ලා ගත්තේය. මල් ගෙනයන්නේ ඇයිදැයි විමසා සිටියේය. සිරිපා පිදුමට මල් ගෙන යන බවට සුරංගනාව කී කල ඔහුට එහි යාමට සිත් විය. ඒ බව සුරංගනාවන්ට දැන්වූ විට ඔවුන් කියා සිටියේ ඔවුන් මල් දමන මග ඔස්සේ පැමිණ සිරිපා මළුවට යා හැකි බවයි. ඒ තැනැත්තා ඒ අනුව සිරිපා මළුවට ගිය බව ජනප්‍රවාදයේ සඳහන් වේ. මේ කතා පුවත නිශ්ශංකමල්ල රජු දවසට අයත් බව ඇතමෙක් පවසයි. තවත් අයකුගේ මතය වන්නේ මේ පුවත භාතිකාභය රජු සමයට අයත් බවයි.ඒ කෙසේ වෙතත් ඇතැම් තැන් විවිධ වෙනස්කම්වලට බඳුන් වෙමින් මේ කතාව තවමත් ව්‍යවහාරයේ පවතී...............
ඡායාරූප ග්‍රැෆික් සටහන් ඇතුළත් ලිපියේ වැඩි විස්තර 2016 දෙසැම්බර් මස 27 වැනිදා විජය පුවත්පත බලන්න
![]() |
diary Read more... |