ජස්ටින් පීරිස් දැරණියගල

2025 මාර්තු මස 29 පෙ.ව. 03:29 - {{hitsCtrl.values.hits}}  

43 කණ්ඩායමේ ප්‍රමුඛ පෙළේ චිත්‍ර ශිල්පියෙකු වන ජස්ටින් පීරිස් දැරණියගල එම ශිල්පීන් අතුරින් වර්ණ හැසිරවීමේ නව සම්ප්‍රදායක් අනුගමනය කළ  අයකු වශයෙන් හැඳින්විය හැකිය. 
ජීවන වතගොත
1903 ජූලි 20 වන දින කොළඹදී උපත ලැබූ ඔහු කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය. චිත්‍ර කලාව පිළිබඳ හැදෑරීමට මුදලිඳු ඒ. සී. ජී. එස්. අමරසේකරයන්ගේ ඇට්ලියර් නම් චිත්‍ර කලා පාසලට ඇතුළත් විය. වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයේ කේම්බ්‍රිජ් විද්‍යාලයේ ට්‍රිනිටි ශාස්ත්‍ර ශාලාවට ඇතුළත් වී නීතිය පිළිබඳ බී. ඒ උපාධිය ලබා ගත්තේය. චිත්‍ර කලාවට දැක්වූ උනන්දුව නිසාම එහි ස්ලෙඩ් චිත්‍ර පාසලට ඇතුළත්ව ප්‍රධාන පෙළේ චිත්‍ර ශිල්පීන් දෙදෙනෙකු  වූ හෙන්රි ටෝන්ක්ස් හා පිලිප් වින්සන් ස්ටියර් යටතේ අවුරැද්දක පමණ කාලයක් කලාව හැදෑරීය. 
කුසලතා
ප්‍රමුඛ පෙළේ දෙස් විදෙස් ශිල්පීන් කිහිප දෙනෙකු සමඟම චිත්‍ර ප්‍රදර්ශන පැවැත්වීමට දැරණියගල සමත් විය. 1956දී වැනිස් බිනාලේ චිත්‍ර ප්‍රදර්ශනයට දැරණියගල ඉදිරිපත් කළ ධීවරයා නැමැති සිතුවම බොහෝ දෙනකුගේ ඇගයීමට ලක් විය. යුනෙස්කෝ ආයතනයෙන් පිරිනැමූ විශිෂ්ට ශිල්පීය දක්ෂතාවට හිමි සම්මානය මෙම සිතුවමට හිමි විය. ලංකාවේ චිත්‍ර ශිල්පියකු විසින් ජාත්‍යන්තරව ලබා ගන්නා ලද ඉහළම සම්මානයක් වශයෙන්ද එය අදටත් ඇගයිමට ලක් වෙයි. මේ ආකාරයෙන් ලංකාවේ මෙන්ම ලෝකයේද ප්‍රසිද්ධියට පත් වීම නිසා හෙතෙම 43 කණ්ඩායමේ ප්‍රබල ශිල්පියෙකු බවට පත් විය.
සිතුවම්
මාතෘත්වය
ධීවරයෝ
ගැහැනු ළමයා හා රන් මාළුවා
ආදරවන්තයෝ
පියානෝ පාඩම
බල්ලා
මාළුවා
එළුවා
වෙන්දේසිකරැවා
මනමාලිය
චිත්‍රාගාරය
කණ්ණාඩිය ඉදිරිපිට ගැහැනිය
තාපසාරමයේ කැඩුණු තාප්පය
තාපසාරාමය හරහා හමා ගිය දරැණු සුළඟ
මානව රෑප තුන
ළදරැවා හා ඉබ්බා
අන්ධ මව සහ දරැවා 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...